ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමේ වැරදි, අයුක්ති සහ ද්වේෂ සහගතව නඩු පැවරීම හේතුවෙන්, සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගමට සිදුවූ හානි හා පාඩු වෙනුවෙන්, රුපියල් බිලියන 20ක වන්දි ඉල්ලා පෙරළා නඩු පවරන බව එහි දක්වා ඇතැයි ද කියා සිටී.
පසුගිය 23 වැනිදා සීමාසහිත MTVචැනල් පුද්ගලික සමාගමට එරෙහිව සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම ඒකපාර්ශවීය වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි.
කෙසේවුද, MTV චැනල් පුද්ගලික සමාගම සඳහන් කරන්නේ එය ඒක පාර්ශවීය වාරණ නියෝගයක් බවයි.
එම වාරණ නියෝගයේ සඳහන් වන්නේ, සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට හෝ, එහි ප්රමුඛ සේවකයින්ට එරෙහිව, අපහාස කිරීම්වලින් වැළකී සිටිය යුතු බවයි.
එම වාරණ නියෝගය පැනවුණේ, ශ්‍රී ලංකාවට රැපිඩ් ඇන්ට්ජන්ට් ටෙස්ට් කිඩ් නැතහොත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ආනයනයට අදාළවයි.
කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ඒකපාර්ශවීය වාරණ නියෝගයක් ලබාගන්නේ, අදාළ එන්තරවාසිය MTV චැනල් පුද්ගලික සමාගමට කුරියර් මගින් ලැබෙන්නට පෙර බවද, නිව්ස්ෆස්ට් වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
කෙසේවුවද, පැමිණිලිකාර පාර්ශවය වන, ජෝර්ජ් ස්ටුවර්ට් සහ දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සභාපති රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) නායකත්වය දෙන මාධ්‍ය ආයතන අතර ඇති දිගු කාලින තරගය මෙම ද්වේශ සහගත අමනාපකම් වලට හේතු වී ඇති බවයි.
සබැඳි පුවත්
උසාවියේ දිග හැරුණු දිලිත් කිලී කෝන්තරේ : සිරසට වාරණයක්!
ප්‍රමාදවී කිලීට ආ දිලිත්ගේ එන්තරවාසිය!