Nov 28, 2020

‍මෙරට ජනප්‍රිය නිළියකට කොරෝනා පොසිටිව් වෙයි

ජනප්‍රිය නිළි චතුරිකා පීරිස් හට කොවිඩ් - 19 ආසදිතවී ඇති බව ඇය තම ෆේස්බුක් ගිණුමේ  සටහනක් තබා තිබේ.

Chathurika 670px 20 11 28

ටෙලි නාට්‍ය නළු ගයාන් වික්‍රමතිලක සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ ඔහුගේ බිරිය සිනමා නිළි චතුරිකා පීරිස් කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

ඔහු සහ දරුවාද මහරගම ප්‍රදේශයේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව පවසන ඔහු මෙම රෝග තත්වය සැඟවිය යුතු දෙයක් නොවන බවත් චතුරිකාගේ තත්වය යහපත් යයි හැඟෙන බවත් දන්වා ඇත.

ගයාන්ගේ එම වීඩියෝපටය පහතින් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top