මාදුරුඔය උද්‍යාන භාරකරු වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇතත් මේ දක්වා ඒ වෙනුවෙන් නිසි මැදිහත්වීමක් සිදු කර නොමැති බවද කලක පටන් සිදුවන මෙම වන විනාශය හරහා තේක්ක, නැදුන්, හල්මිල්ල ආදී වටිනා ගස් දැව ජාවාරම්කරුවන් විසින් කපා දෛනිකව කරත්ත මගින් වනාන්තරයෙන් පිටතට රැගෙන යමින් පවතින බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පළාතේ මැති ඇමැතිවරුන්ගේ කිසිදු අවධානයක් අදාළ වන විනාශය කෙරෙහි යොමු නොවීම තුළ ජාතික වටිනාකමින් යුත් පරිසර කලාපයක් මෙලෙස දිනෙන් දින අභාවය කරා යමින් පවතින බවට පරිසරවේදීහු චෝදනා කරති.
මාදුරුඔය ජාතික වන උද්‍යානයේ වෙසෙන අලි ඇතුන් ඇතුළු සත්ත්වයන්ද නිතර ගම්වැදීම හේතුවෙන් ගම්වාසීන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයිද වාර්තා වේ.