Nov 28, 2020

බන්ධනාගාර නිලධාරීන් 52කට කොරෝනා

බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 900 ඉක්මවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

අද (28) නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 52 දෙනෙකු සිටින බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top