එම මරණ දෙකම කොළඹින් වාර්තා වන අතර පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 109ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් ආසාදිතයන් 487ක්
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 487ක් අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.
එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.
ඒ සමගම මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 19,450ක් වාර්තා වී තිබේ.