ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු කිංග්ස් සභාගි වූ දෙවැනි තරගයත් ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් පිල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 96ක් රැස් කරමින් ගෝල් ගැලැඩියේටර්ස් හමුවේ දැවැන්ත ඉලක්කයක් සටහන් කළේය.
කලම්බෝ කිංග්ස් වෙනුවෙන් පන්දු 19 කදී නොදවැවී ලකුණු 65ක් රැස්කරමින් ප්‍රවේගවත් පිති ප්‍රහාරයක් දියත් කළ ඇන්ඩ්‍රි රසල් තරගයේ වීරයා සම්මානය දිනාගත් රසල්ගේ ඉනිමට හතරේ පහර 9ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය.
කෙසේවුවද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ගැලැඩියේටර්ස්ට සිය පන්දුවාර 5 අවසානයේ කඩුලු 2කට රැස්කළ හැකිවූයේ ලකුණු 65ක් පමණි.
ධනුෂ්ක ගුණතිලක පන්දු 15කදී ලකුණු 30ක් රැස්කරමින් එම පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.
ඩක්වර්ත් ලුවිස් නියමයෙන් දඹුල්ලට ලකුණු 4ක ජයක් !
මේ අතර, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර ඊයේ (28) පැවැති තරගයට වර්ෂාව හරස්වීම නිසා ජය පැරදුම ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව තීන්දු විය.
ඒ අනුව එම තරගයෙන් ලකුණු 4ක ජයක් දඹුල්ල වයිකිංග්ස් හට හිමිවිය.
පළමුව පන්දුවට පහර දුන් වයිකිංග්ස් පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් විය.
වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිට් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 84/3 ලබාගෙන තිබිණි.
කෙසේවුවද, ඒ අවස්ථාව වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරඟය ජයග්‍රහණය කිරීමට නම් කැන්ඩි කණ්ඩායමට ලකුණු 88ක් ලබා ගත යුතුව තිබිණි.
ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4ක ජයක් හිමි විය.
දසුන් ශානක තරඟයේ වීරයා ලෙස නම් කෙරුණි.
ලංකා ප්‍රිමියර් ලීග් ලකුණු සටහන