උසස් පෙළ විෂයන් තුනම අසමත් 07 දෙනකු ඇතුළු අවම සුදුසුකම් සපුරා නැති අයැදුම්කරුවන් 45 දෙනකු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.
වෛද්‍යවරුන් ලෙස අනුමැතිය ලබා ගැනීමට අයැදුම්කර කර ඇති 98 දෙනකුගෙන් 45 දෙනකුට මෙසේ අවම සුදුසුකම් නොමැති බව සඳහන් වන අතර එහි 07 දෙනකු උසස් පෙළ විෂයන් තුනම ද, තවත් 13 දෙනකු අවම වශයෙන් ඕනෑම විෂයක් සඳහා එක් අසමාර්ථක් බැගින් ලබා අවම සුදුසුකමද සපුරාලීමට අසමත්ව ඇති අතර තවත් 07 දෙනකු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට හෝ නොමැති බව සඳහන් වේ.
එසේම එහි තවත් 04 දෙනකු විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබාගෙන ඇති අතර ඇතැම් විශ්වවිද්‍යාල වෛද්‍ය උපාධියක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ඒවා නොවන බවද වාර්තා වේ.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී පවසා ඇත්තේ අවම සුදුසුකම් ගැසට් කර නීතිගත කර තිබියදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එය අභිබවා කටයුතු කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවයි.
කළමනාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීමේදී සුදුසුකමක් ලෙස අවම වශයෙන් අපොස උසස් පෙළ සමත්වීම සලකද්දී වෛද්‍ය වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමට එය නොසැලකීම පුදුමයක් බවත් හෙතෙම සඳහන් කරයි.
ජීව විද්‍යාව, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ දෙකක් හා සාමාර්ථයක් ලෙස (සී - 2, එස් - 1) අවම ප්‍රමිතිය ගැසට් කර ඇත.