Nov 29, 2020

පාර්ලිමේන්තු නාව නාමල්, රෑ බින්ට කතා කරලා Featured

අයවැය විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දී ඊයේ (28) විවාදයට ගැනුණ ක්‍රීඩා අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ සහභාගී වී නොසිටීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.

විවාදය ආරම්භයේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.ඊට පිළිතුරු දුන් කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා නොපැමිණෙන බවක් දන්වා නැති බවයි.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ බව දන්නා බවත්, මේ වන තෙක්ම ඔහු පැමිණෙන්නේ දැයි තමා නොදන්නා බවයි.ඉන්පසු යළිත් දිවා භෝජනයට ටික වේලාවකට පෙර සභාව ඇමතූ විපක්ෂයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් තමාට ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට තිබෙන බවත් එය ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේ කළ යුතු බැවින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කොහේදැයි ප්‍රශ්න කර සිටියේය.

වැඩිදුරටත්

රෑ සලා බින්ට කතා

කරලාකෙසේවුවද, ඔහු තමා කටාර් හි සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය සලා බින් ගහනිම් අල් අලී මහතා සමග සජීවී සාකච්ඡාවක නිරතවූ බව ඊයේ (28) රාත්‍රියේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහන්කර තිබේ.

අලී මහතාගේ දිරිගන්වන ලද අදහස්වලටත් ස්තූතිකර ඇති නාමල් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, අත්දැකීම්, දැනුම හුවමාරු කිරීමටත් මානව සබදතා ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු වන බවද කියා සිටී.
Namal FB Screenshot 2020 11 29 at 09.38.22

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top