Nov 29, 2020

අද කොරෝනා රෝගීන් 496යි (Update) Featured

අද (29) දිනයේදී මේ දක්වා Covid-19 ආසාදිතයන් 496ක් වාර්තා වී තිබේ.

මොවුන් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව දිවුලපිටිය - පෑලියගොඩ පොකුර 19,946ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර, වසංගත විද්‍යා අංශය විසින් අද ප.ව. 09.30ට පළ කළ නවතම වාර්තාව අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 23,484ක් දක්වාද වැඩිවී තිබේ.

මේ වන විට රෝගීන් 6,366 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 17,002 ක් බවත්, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 116ක්ද බවත් දැක්වේ.

Info Press RE 484 Nov 30 2020

 

----(අවසන් යවත්කාලීන කිරීම -Sunday, 29 November 2020 22:20)

කොරෝනා රෝගීන් 23,000 පන්නයි

අද (29) දිනයේදී මේ දක්වා Covid-19 ආසාදිතයන් 323ක් වාර්තා වීමත් සමග මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් ගණන 23,000 ඉක්මවා තිබේ.

අද දින හමුවූ ආසාදිතයන් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව දිවුලපිටිය - පෑලියගොඩ පොකුර 19,773ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර, වසංගත විද්‍යා අංශය විසින් අද ප.ව. 06.15ට පළ කළ නවතම වාර්තාව අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 23,311ක් දක්වාද වැඩිවී තිබේ.

මේ වන විට රෝගීන් 6,200 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 17,002 ක් බවත්, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 109ක්ද බවත් දැක්වේ.

Info Press RE 483

බන්ධනාගාර වල ආසාදිතයන් 1091ක්

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1091 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර කොමාසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටින්නේ අද දිනයේ තවත් ආසාදිතයින් 183 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගිය බවයි. මොවුන් සියලු දෙනා මහර බන්ධනාගාරයේ රැඳවියන් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top