20 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කළ අතර අදාළ පුරප්පාඩු හය සඳහා මෙලෙස උසස් වීම් ලබා දී තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට මහාධිකරණ විනිසුරුවරුන් විසින් මෙලෙස අගවිනිසුරුවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අගවිනිසුරුවරයාගේ නිරීක්ෂණවලට යටත් වූ බව පැවසීමෙන් අනතුරුවයි.
අගවිනිසුරුවරයා විසින් නිර්දේශ නොකරන ලද සමහර නම් ද අවසන් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ඔවුහු ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව සාමාජිකයින් 14කින් වැඩි කිරීමත් සමඟ උසාවි තුල පවත්නා යටිතල පහසුකම් පිළිබඳ ගැටළුවක් පැන නැගී තිබේ.
අධිකරණ අමාත්‍යාංශයේ කොටසක් මේ සඳා යොදා ගැනීමට පියවර ගෙන ඇති බව පැවසේ.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පත් කරන ලද නව විනිසුරුවන් ලබන අඟහරුවාදා (01) නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිත වේ.