Pasidol
Sathosa Ad Final Sinhala
Feb 24, 2017

එජාප මන්ත්‍රී ගෙන් විමල්ගේ නඩුවට විසිදාහක් ! Featured

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ නඩු ගාස්තු වියදම් පියවා ගැනීම සඳහා රුපියල් විසිදාහක මුදල් ආධාරයක් සිදුකර  ඇත.

පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතාගේ නිල නිවසට ගොස් එම මුදල් පරිත්‍යාගය කර ඇති අලුත්ගමගේ මන්ත්‍රීවරයා, විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර තිබීම දැඩි ලෙස හෙලා දැක තිබේ.  

විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධයක් නැති බවද ඔහු එහිදී පවසා ඇත.

කෙසේවුවද අලුත්ගමගේ මන්ත්‍රීවරයා බීමතින් සිදුකල එම ප්‍රකාශය පද්ම උදය ශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top