අහුන්ගල්ලේ පදිංචි එම ධීවර කාර්මිකයා එම පිළිම වහන්සේලා එකොළොස් නම අහුන්ගල්ල පුරාණ ක්‍ෂෙත්‍රාරාමාධිපති, බළපිටිය විහාරාධිපති සංගමයේ ලේකම් ආපොළ මංගල හිමියන් වෙත එම විහාරස්ථානයට පැමිණ භාරදී තිබේ.
එම පිළිම වහන්සේලා මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ ඒවා ලෙස පෙනේ.
පිළිම සියල්ල ලීයෙන් අඹා ඇති අතර සීවලී මහ රහතන් වහන්සේ දානය වළඳන ආකාරය රූපණය කෙරේ.
එහෙත් සියලු පිළිම අහස දෙසට හැරී සිටින ආකාරයෙන් විකෘති ස්වරූපයෙන් නිර්මාණය කොට තිබේ.
(කමල් ශ්‍රී ලියනගේ - අහුන්ගල්ල)