Dec 05, 2020

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩර්සන් අමෙරිකාවට පනියි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් අමෙරිකා ක්‍රිකට් පිලට එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇන්ඩර්සන් පසුගිය වසරේ ඕක්ලන්ඩ් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අවසන්වරට ක්‍රීඩා කළ අතර ඔහු දැනට වෘත්තීමය මට්ටමෙන් අමෙරිකාවට එක්ව සිටියි.

2015 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තයේ ප්‍රධාන සාමාජිකයකු වූ ඇන්ඩර්සන් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 49කට හා විස්සයි - 20 තරග 31කට ක්‍රීඩා කර තිබේ. 

ඔහු 2014දී පන්දු 36කදී වේගවත්ම එක්දින ශතකය රැස් කරමින් වාර්තා පොතට එක් වූ අතර එය පසුව පන්දු 31කදී වාර්තා කොට ඒ.බී ඩි විලියර්ස් වාර්තාව තමා සතු කර ගත්තේය.

වසර තුනක පදිංචිය නිමා කිරීමෙන් පසුව වෙනත් රටක ක්‍රීඩකයන්ට අමෙරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික මට්ටමින් නියෝජනය කිරීමේ නීතිමය හැකියාව උදාවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top