Dec 05, 2020

UNPයේ වැඩබලන මහලේකම්වරයා ලෙස ශමල් පත්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ප්‍රසන්න ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය සඳහා පුරප්පාඩු පැවතුණි.

මේ වසර අවසානයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් මහතා පක්ෂයේ වැඩබලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇත.

ලබන 31 වනදායින් පසු එක්සත් ජාතික පක්ෂ නව නිළධාරී මණ්ඩලය පත් කර ගැනීමට නියමිත බවද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top