ඒ කෙටි දැනුම්දීමකින් අදාළ ගුවන් යානය මැලේසියාවේ සිට ලංකාවට පැමිණීමට නියමිත බැවිනි.
එරට ප්‍රාන්ත කිහිපයකට කොන්දේසි සහිත චලන පාලන නියෝග (Conditional Movement Control Order) මේවන විට ක්‍රියාත්මක බැවින් ලාංකිකයන්ට මෙරටට පැමිණීමට මැලේසියානු රජයේ ආයතන තුළින් කරගත යුතු කටයුතු වලට සීමා පැනවී ඇති බවද වාර්තා වේ.
එසේම අද (05 - සෙනසුරාදා) හා හෙට (06 - ඉරිදා) දිනයන් නිවාඩු සහිත බැවින් එම තත්ත්වය තවත් උග්රවනු ඇතැයි එරට කොටුවී සිටින ලාංකියන් කියා සිටිති.
මේ තත්ත්වය මත වීසා අවසන්ව එරට රැඳීසිටින, රැකියා බලපත්‍ර අවසන්ව රැඳී සිටින හා අනවසරයෙන් එරට සිටින ලාංකිකයන්ට ලංකාවට පැමිණීමේ අවස්ථාව අවමවනු ඇතැයි එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ ගුවන් යානයෙන් ලංකාවට පැමිණීමට වැඩි අවස්ථාව හිමිවනුයේ එරට සිටින ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට හා කෙටි කාලකට වීසා රැගෙන එහි රැඳී සිටින අයට පමණක් බවද පැවසේ.
නිවෙදෙනයේ ඇති කොන්දේසි
මේ අතර, අදාළ නිවේදනයේම වීසා බලපත්‍රයක් නොමැති සියලුම ශ්‍රී ලාංකිකයින් (වැඩිපුර රැඳී සිටීම, වීසා බලපත්‍ර අවසන්වූ, පලා යන සේවකයින්) ගුවන් ටිකට්පත මිලදී ගැනීමට පෙර මැලේසියාවේ ආගමන විගමන කාර්යාලයෙන් අවසර ලබා ගන්නා ලෙසත්, ගුවන් සමාගමේ පිළිවෙත් අනුව ටිකට්පතේ මිල ආපසු නොගෙවන බවද දක්වා තිබේ.
ශ්‍රීලංකන් ගුවන් යානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද මුලින් පැමිණෙන්නන්ට පළමු සේවය (first comes first serve) යටතේ සිදු කරන බව එම නිවේදනයේම වේ.
මැලේසියාවේ සිට ලංකාවට පැමිණීමට එහි තානාපති කාර්යාලයේ ලියාපදිංචිය ලද 1200කට ආසන්න පිරිසක් රැදී සිටින බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ප්‍රවේශපත් මිල - ඇවන්ට්ගාඩ් 62,000යි : ශ්‍රීලංකන් 98,000යි
මේ ගුවන් යානයේ ලංකාවට පැමිණෙන ගුවන් මගියකුට මැලේසියානු රිංගිට් 2096 ක් (MR 2096 ) ලංකාවේ මුදලින් රුපියල් 98,000/- කට ආසන්න වන බව නිවේදනයෙන්ම දන්වා ඇත.
කෙසේවුවද, මගී ගුවන් යානා නොමැති පෞද්ගලික සමාගමක් වන ඇවන්ට්ගාඩ් සමාගම ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා මැලේසියාවේ සිට ලංකිකයන් ගෙන්වීමේදී ඔවුන් එක් ගුවන් මගුයකුගෙන් ගුවන් ප්රවේශපත්රයකට අයකර තිබුණේ මැලේසියානු රිංගිට් 1400 ක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 62,000 කි.
ඒ අනුව ශ්‍රී ලංකන් ප්‍රවේශපත්‍ර මිලට වඩා රුපියල් 36,000 ක් ඇවන්ට්ගාඩ් ගුවන් ප්‍රවේශපත්‍රයක මිල අඩුව පැවැතිණි.
මේ සම්බන්ධයෙන් අප මීට පෙරද හෙළිදරව්වක් කළේය.
මැලේසියාවේ සිටින ලාංකිකයන් ගෙන්වීමේ මේ ක්‍රියාන්විතය විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිදුවන බව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.
මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතනින්.
සබැඳි පුවත්
මැලේසියාවෙන් ලංකාවට එන්න ඉන්න අය පරණ පරිප්පුව කන්න වෙතැයි බියෙන්