Feb 27, 2017

IMF ලොක්කී මාර්තු 05 එයි - රාජ්‍ය ආයතන විකිනීමට යයි Featured

රජය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා උපදෙස්‌ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්‌ටීන් ලොහාර්ඩ් මහත්මිය ලබන මාර්තු 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ආණ්‌ඩුව මුහුණ දී ඇති ආර්ථික කටයුතු උග්‍ර වී ඇති නිසා රජයේ වත්කම් විකිණිය යුතු යෑයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්‌ ලැබී ඇත.

ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා රෝහල, වෝටර්ස්‌ ඒඡ් හෝටලය, ඉදිකරමින් පවතින හයට්‌ හෝටලය විකිණීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

කෙසේ නමුත් 'ලංකා රෝහල වැනි ලාභ ලබන රජයේ ආයතන විකිණීමට තමා එරෙහි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

හයට්‌ හෝටලය :

එහෙත්  මේවනවිටත් ඉඳිවෙමින් පවතින හයට්‌ හෝටලය විකිණීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විරෝධයක් පළකර නොමැත. 

සෙලින්කෝ ව්‍යාපාරය විසින් ආරම්භකළ හයට්‌ හෝටල් ව්‍යාපෘතිය සෙලින්කෝ සමගම බිඳවැටීමත් සමග රාජපක්ෂ පාලන සමයේදී රජය සතු ජාතික රක්ෂණ සංස්ථාව හා ලිට්රෝ ගෑස් සමාගම් විසින් එහි කොටස් මිලදී ගනු ලැබිය.

එම හෝටල් ව්‍යාපෘතිය සදහා මේවනවිට රජය රුපියල් බිලියන 35ක් පමණ වැයකර ඇති අතර එහි ඉතිරි වැඩකටයුතු සඳහා තවත් රුපියල් බිලියන 09කට වැඩි මුදලක් වැය කලයුතුව තිබේ. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top