මේ අවහිර කිරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලි නියාමන කොමිෂන් සභාව විසින් ලබාදුන් අණකට අනුව බවද පැවසේ.
අදාළ වෙබ් අඩවිය ගායක ඉරාජ් වීරරත්න මහතාගේ සමාජ මාධ්‍ය ප්‍රධාන හවුල්කරුවා වන ඇමරිකාවේ වෙසෙන දිනේෂ් උඩගෙදර මහතා (ඩෙන්ටා) විසින් ලංකාවේ පවත්වාගෙන යනු ලබන සයිබර් ඩ්‍රීම්ස් පුද්ගලික සමාගමට අයත්වූවකි.
මෙම වෙබ් අඩවියේ සවර් එක අවහිර කිරීම හේතුවෙන් ඉරාජ් වීරරත්නට අයත් නොයිස් ටීවී හා කලම්බො ට්‍රිබියුන් යන වෙබ් අඩවි වලට ද පෙරේදා අවහිරතිවයක් ඇතිව ඇති බව පැවසේ.
මේ ගැටුමට හේතුවී ඇත්තේ මෙම වෙබ් අඩවිවලින් එකක පළකරන ලද ලංකාවේ මාධ්‍ය හිමිකරුවකුගේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව්වක් විපක්ෂ නායක, ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුට කෙටි පණිවුඩයක් මගින් යොමු කිරීම බව පැවසේ.
එම සිද්ධියෙන් පසුව සයිබර් ඩ්‍රීම්ස් පුද්ගලික සමාගම විසින් හචින්සන් ටෙලිකොම් ලංකා පුද්ගලික සමාගමට හා එහි ප්‍රධාන විධායක නිලධාරියා වන තිරුකුමාර් නඩරාසා මහතාට එන්තර වාසියක්ද යොමුකර තිබේ.
ඒ ඔවුන්ගේ සමාගමට හචින්සන් විසින් ලබාදී තිබූ තොග වශයෙන් කෙටි පණිවිඩ යැවීමේ ගිවිසුම කඩකරමින් එම පහසුකම අත්හිටුවීම සම්බන්ධයෙනි.
අදාළ සම්පූර්ණ එන්තරවාසිය පහත දැක්වේ.
මේ එන්තරවාසියට හචින්සන් ටෙලිකොම් ලංකා පුද්ගලික සමාගම පිළිතුරු යොමුකරමින් සඳහන් කර ඇත්තේ ටෲත් ඩොට් එල් කේ වෙබ් අඩවියට එරෙහිව ශ්‍රී ලංකා විදුලි නියාමන කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් පවතින බැවින් එම සේවාව අත්හිටවූ බවයි.
(අදාළ කොටස පහත දැක්වේ.)
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (07) රතු ඉර වැඩසටහනේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද හෙළිකර තිබිණි.
මීට අමතරව අප ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා කියා සිටියේ සිය සංගමයේ වෙබ් අඩවියක් නොවුනද අදළ වෙබ් සමාගම මීට පෙර සිය සංගමයේ සාමාජිකත්වය ගැනීමට සාකච්ඡා කරමින් සිටි බවයි.
එසේම නව මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන බවට ආණ්ඩුව හා මාධ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබියදී සිය වැඩපිළිවෙළ විවේචනය කළ පමණින් මෙසේ වෙබ් අඩවි හා සයිබර් ක්‍රියාන්විතයන් අත්හිටුවන්නේ නම් එය නරක පූර්වාදර්ශයක් බවද කියා සිටියේය.
සබැඳි පුවත්
"ස" පාස් කී හාදයා ආණ්ඩුව ෆේල් බවට FB පෝස්ට් එකක් දාලා