රජයට අවශ්‍ය ඕනෑම මොහොතක එය සැපයිය හැකි බවත් එම මුදල උපයෝගී කරගෙන මෙරට වැඩකරන ජනතාවට එන්නත ලබාදෙන ලෙසත් අෂ්රොප් ඕමාර් මහතා රජයේ එන්නත්කරණ කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට දැනුම් දී ඇතැයි “දේශය" පුවත්පත කියයි.
අෂ්රොප් ඕමාර් මහතා සපයන ඩොලර් මිලියන 50 මෙරට සම්පූර්ණ එන්නත්කරණ වැඩසටහන සඳහා වැයකෙරෙන ඩොලර් මිලියන 200න් ¼කි.
ඔහු සපයන ආධාරයද එන්නත් මිලට ගැනීම සඳහා උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවත්, එය රජයේ පොදු එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට විශාල අනුග්‍රහයක් බවත් වීරතුංග මහතා එම පුවත්පතට පවසා තිබේ.
කෙසේවුවද, මේවන විට දෙවන කොරෝනා රැල්ල ආරම්භ වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන අතර, එහි ආරම්භය සිදුවූයේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බවට චෝදනා එල්ලවී ඇත.
සබැඳි පුවත්