Jan 10, 2021

රනිල් ඉන්දියන් හවුස් එකට ගියෙ ඇයි?: ජයශංකර් හා ගනුදෙනුව මොකද්ද?

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට ඇතුළත් නොවූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාව මේවන විට දේශපාලන කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

අනෙක් සෑම දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවැති සාකච්ජාවල ජායාරූප සිය ‘ට්විටර්’ ගිණුමේ පළ කරමින් ඔවුන් සමග ‘සාකච්ජා’ පැවැත්වූ බව ජයශංකර් මහතා විශේෂයෙන් සඳහන් කර සිටියත් රනිල් සමග හමුව පිළිබඳව ජයශංකර් සිය ‘ට්විටර්’ ගිණුමේ පළ කර තිබුණේ ලංකා සංචාරය නිමවා යළි ඉන්දියාවට යන අතරවාරයේ රනිල්ගේ සැපදුක් බලාගෙන යාමට තමන් පියවර ගත් බවයි.

Jayasnkar Screenshot 2021 01 10 at 10.56.01

මේ හමුව කලින් ලක් රජයට දන්වා තිබූ හමුවක් නොවන බැවින් රනිල් හා ජයශංකර් මුණ ගැසී තිබුණේ ද ඉන්දියන් හවුස්හිදීය.

නිලවශයෙන් රනිල් හා ජයශංකර් හමුව ගැන කිසිදු සටහනක් හෙළි නොකිරීම සම්බන්ධයෙන් මෙන්ම මෙරට බුද්ධි අංශ ද එවැනි හමුවක් ගැන දැන නොසිටීම මේවන විට එජාප දේශපාලන වැඩ ගැන උනන්දුවීමට හේතුවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, විපක්ෂ නායකයාට සහය දක්වන මාධ්‍ය මේ හමුව වික්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ලබාගත් එකක් බවට මාධ්‍ය වාර්තා පල කර ඇතත් අදාළ හමුවට ජයශංකර් මහතා පමණක් නොව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කිහිපදෙනෙකු එක්වීම සැක මතුකරන්නක් බවට පත්ව තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමා යහ පාලන ආණ්ඩව ගෙන ඒමට ඉන්දීය රජයේ සහය ලැබුණු බව පසුගිය කාලයේදී මාධ්‍ය තුළ කතාබහට ලක්වූ මාතෘකාවකි.

එසේම, පසුගිය 20 වැනි සංශෝධනයේදී සමගි ජනබල වේගයෙන් ඉවත්වූ ඩයනා ගමගේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බව හිටපු අග්‍රාමාත්‍යවරයා දැන සිටි බවට ද මේ අතර රාවයක් පවතී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top