Jan 10, 2021

“Lalan” තවත් කොරෝනා පොකුරකට අතවනයි!

රබර් ආශිත ආනයනික නිෂ්පාදනයන් කරනු ලබන Lalan සමූහ ව්‍යාපාරයේ කර්මාන්ත ශාලාවල හා එහි ප්‍රධාන කාර්යාලයේ සේවකයන් 08 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසුවත් එහි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන් එහි සේවකයින් රැකියාවට යාමට බියෙන් පසුවන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම ආයතනයේ කර්මාන්ත ශාලා සේවකයන් 05 දෙනෙකු හා එහි ප්‍රධාන කාර්යාලයේ 03 දෙනෙකු මෙසේ කොරෝනා ආසාදිතව ඇති බව තහවුරුව තිබේ.

බියගම, සීතාවක හා වරකාපොළ යන ප්‍රදේශයන් හි Lalan සමූහ ව්‍යාපාරයේ කර්මාන්ත ශාලා පිහිටා ඇති අතර බියගම පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයන් 110 දෙනෙකුට කට වැඩි පිරිසක් සේවය කරන බවද පැවසේ.

ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල සේවය කරනු ලබන සේවක සේවිකාවන් ප්‍රමාණය 2500 ඉක්මවන බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top