Jan 11, 2021

තවත් කොවිඩ් මරණ 3ක්

සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (10) දිනයේදී තවත් Covid-19 මරණ 03ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමු බන්ධනාගාරයේ 62 හැවිරිදි පිරිමි රැඳවියෙකු, කොළඹ 14 පදිංචි 80 හැවිරිදි කාන්තාවක් හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත විද්‍යා අංශය විසින් ඊයේ ප.ව. 10.45ට පළ කළ නවතම වාර්තාව අනුව ඊයේ දිනයේදී හමුවූ රෝගීන් 540ක් සමග මේ දක්වා හමුවූ  සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 48,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝගීන් 6,823ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 41,325ක්  බවත්, මේ දක්වා Covid-19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 232ක්ද බවත් එහි දැක්වේ.

Info Press RE 40

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top