එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවකට ඉකුත් දිනවල කොවිඩ් ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුනොවූ බව පෙන්වා දුන් එම නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන මේ වනවිට යළි ආරම්භ කර තිබෙන බව ද දැනුම් දුන්නේය.