ඔහුට ඊට අමතරව හිටපු අගමැති දිමූ ජයරත්නට එල්ල වූ මත් කුඩු කන්ටේනරයක් පිට කිරීමේ චෝදනාවේ ද, කසල තේ ජාවාරම සම්බන්ධයෙන්ද චෝදනා ඇතැයි ද විතානගේ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කීය.
ඊට අමතරව කටුගස්තොට ඉඩම් සිද්ධියක්, කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ නමකගේ ඉඩම් සිද්ධියක් හා මාලඹේ ප්‍රදේශයේ අක්කර 13ක ඉඩමක් සම්බන්ධයෙන් මොහුට චෝදනා ඇතැයි ඔහු කියා සිටී.
ඔහුට එරෙහිව ඉදිරිපත් වන අලුත්ම ඉඩම් සිද්ධිය සම්බන්ධ චෝදනාව වන්නේ කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ නිවසකට පැමිණ අයුතු බලපෑම් කිරීම බව ඔහු කියා සිටියේය.
මේ සිද්ධියට පුර්කාන් මැරයන් 35 දෙනෙකු සම්බන්ධ කරගෙන ඇති බව ද කියා සිටින රංජිත් මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු වන ඉෆ්තිකාර් සලීම් මහතා දෙසැම්බර් 02 වැනිදාට ද පෙර පැමිණිල්ලක් කර ඇති බව අරුණ පුවත් පත තහවුරු කර ඇතැයි ද සඳහන් කරන රංජිත් මහතා පොලිය ඔහුව මෙතෙක් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විමසා සිටියි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික ඉෆ්තිකාර් සලීම් මහතා මෙසේ කියා සිටී.
අප සිද්ධිය සම්බන්ධයෙන් ෆුර්කාන් හාජ්ජියාර් මහතාගෙන් ද විමසීමක් කළේය.
පසුව ඉෆ්තිකාර් සලීම් මහතාගේ බිරිය වන ෆාතිමා රිසා මහත්මියගෙන්ද මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර ඇය මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.
කෙසේවුවද, මේ සිද්ධි සිදුවන අතර මේ ගනුදෙනුවට සම්බන්ධ වූ තවත් අයෙකු ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබිණි.
එසේ වීඩියෝවක් නිකුත් කර තිබුණේ මැණික් ව්‍යාපාරික ඉෆ්තිකාර්ගේ මස්සිනා හා ෆාතිමාගේ සහෝහෝදරයා වන මොහොමඩ් රිස්වි ෆාරුක්ය.
ඔහු අදාළ සිද්ධියට ගම්පොළ නියෝජ්‍ය නගරාධිපති ෆුර්කාන් හාජි සම්බන්ධවූ බව පිළිගෙන තිබේ.