Jan 12, 2021

කොළඹට බස් 200ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් නව බස්රථ 200ක් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදුප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා වාහන නියාමනයට බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

පිළිගත් දේශීය සමාගම් වෙතින් සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාප‌ටිපාටිය අනුගමනය කරමින් මෙම බස් රථ මිලදී ගැනීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top