Jan 12, 2021

තෛපොංගල් නිවසට වී සමරන ලෙස සෞඛ්‍ය අංශ දන්වයි

සුවැති රටක් ගොඩ නැගීමට නම් නව වසරේ ඉදිරි මාස හයක කාලය තූළ මෙරට සියලු දෙනා විශාල කැපකිරීමක් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අදාල සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදමින් රජයේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට සහය දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  

තෛපොංගල් උත්සවය යෙදෙන අනිද්දා දිනයේදී බාහිර ගමන් වලින් තොරව නිවෙසට වී එය සමරන ලෙසද මෙම මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top