රාවුෆ් හකීම් මහතා ආසාදිතයකු බවට පත්වීමත් සමඟම තමන් ද පළමු පෙළ ආශ්‍රිතයකු බවට විවිධ මාධ්‍ය මගින් ප්‍රකාශ වූ අතර තමා ඇසුරු කළ විශාල පිරිසක් ඒ පිළිබඳ තමන්ගෙන් විමසා සිටි බව කරුණාතිලක මහතා කියා සිටියි.
එහෙත් තමන් කොවිඞ් ආසාදිතයකු නොවන බවට ඊයේ සිදු කළ පී. සී. ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ බවද ගයන්ත කරුණාතිලක මහතා කියා සඳහන් කළේය.
පක්ෂ නායක රැස්වීම
මේ අතර, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් අද පස්වරු 2.00ට පක්ෂ නායකයින් රැස්වන බවයි.
මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගැනෙන පනත් කෙටුම්පත් හා කල් තැබීමේ යෝජනා පිළිබද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුවනු ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ 31 ස්වයං නිරෝධායනයට
ඔහු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි දැනුම් දී ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සියලු සේවකයින්ට අද හා ලබන සිකුරාදා යන දෙදින තුල PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.
මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වීම හමුවේ ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති සංඛ්‍යාව 20 කි.