Jan 13, 2021

නව කොවිඩ් ප්‍රභේදයත් එංගලන්තෙ ගිය ඇත්තෙක් ලංකාවට ගෙනත්

කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

ඔහු නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙකි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top