එම සමීක්ෂණයේ තොරතුරුවලට අනුව දුරකථන මත විමසුමකදී සමීක්ෂණයට ලක් වූවන්ගෙන් 35.3% ක් ක්‍රීඩා උළෙල අවලංගු කරන ලෙසත්, 44.8% ක් අදාළ උළෙල තවත් කල් දැමිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.
ජපානය විසින් කොවිඩ් වයිරසයට එරෙහිව යළි නැගී සිටීමේ ක්‍රියාන්විතය දියත් කරමින් සිටින අතරතුරදී මෙම සමීක්ෂණය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ ටෝකියෝ, කනගාවා, සයිටාමා සහ චිබා යන නගර වලට පසුගිය සිකුරාදා සිට උද්ගත වෛරස තත්ත්වය හමුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වනවිට ටෝකියෝ නගරයෙන් හමුවන වෛරසය ආසාදිත දෛනික රෝගීන් සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබීමද කැපී පෙනෙන කාරණයක් වේ.
මෙම තත්ත්වය හමුවේ 2020 වසරේ කල් තැබුණු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල එළැඹෙන අගෝස්තුවේදී පැවැත්වීමට නියමිතය.