අද දින නඩුව කැඳවනු ලැබුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේය.
පසුගිය 11 වැනිදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දොපර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙනු ලැබුවේ පිල්ලෙයාන් ඇතුලු විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවය.
2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කෙරිණි.