Jan 13, 2021

අකිල, රංගේ හා වජිරගේ තනතුරු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තහවුරුයි

අද (13) සිරිකොත කාර්යාලයේදී පැවති පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්වීම් කිහිපයක් අනුමත කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කර ඇති තනතුරු මෙසේය :

  • උපනායක - අකිල විරාජ් කාරියවසම්
  • මහලේකම් - පාලිත රංගේ බණ්ඩාර
  • සභාපති - වජිර අබේවර්ධන
  • භාණ්ඩාගාරික - ඒ.එස්.එම්. මිස්බා

එක්සත් ජාතීන්ගේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ආසනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද තවමත් පක්ෂය විසින් සිය පාර්ලිමේන්තු නියෝජිතයා ප්‍රකාශයට පත් කර නොමැත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top