Jan 13, 2021

කතානායකට, මන්ත්‍රීන් 14කට ඇතුළු පාර්ලිමේන්තුවේ 463කට PCR පරීක්ෂණ Featured

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම අද (13) ආරම්භ වූ අතර, අද දිනය තුළදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 463 දෙනෙක් පරීක්ෂණ වලට ලක්කර ඇති බව වාර්තා වේ.

කථානායකවරයා ඇතුළු මැතිඇමතිවරුන් 15 දෙනෙක් PCR පරීක්ෂණ වලට ලක් වූ බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු 448 දෙනෙක් PCR පරීක්ෂණයට ලක් වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එවනු ලැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙම පරීක්ෂණය සිදු ඇති අතර, ලබන සිකුරාදා (15) දිනයේදී පෙ.ව. 9.00 - මධ්‍යහන පස්වරු 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී PCR පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top