මෙම ජෙව සාම්පල ලබාගෙන ඇත්තේ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකිනි.
එම සාම්පලය පසුගිය 09 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබේ.
එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ කොවිඩ් වයිරසය අන්තර්ගත බවයි.
73 හැවිරිදි අයෙකුගේ මෘත දේහයක් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත.
කොවිඩ් වැලඳීම හේතුවෙන් එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මෘත දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ ඥාතීන් මළසිරුර රැගෙන යාමට රෝහලට පැමිණ නැතැයි ද වාර්තා වේ.
එලෙස දින 29ක් සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබී ඇත.
එහිදී තෙවැනි වතාවටත් මළ සිරුරෙන් ගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ. එහිදී මෙම තත්ත්වය තහවුරු වී ඇත.
මූලාශ්‍රය - අරුණ