කැපිටල් හිල් හෙවත් අමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත ගොනු කෙරුණු මෙම දෝෂාභියෝගය, ඡන්ද 232 ට 197ක් ලෙස ට්‍රම්ප් පරාජය විය.
රිබප්ලිකන් සාමාජිකයන් දසදෙනෙකු ද ට්‍රම්ප්ට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
මින්පසු එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇති අතර, එම කටයුතු ලබන සතියේදී බයිඩ්න් නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිදුවනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් විසින් සිය පාක්ෂිකයන් අමතමින් වීඩියෝවක් නිකුත් කර තිබුණි.
තමාට එරෙහිව එල්ල වී තිබූ දෝෂාභියේගය සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකළ ට්‍රම්ප්, ඔහුගේ සැබෑ ආධාරකරුවෙකුට දේශපාලන ප්රචණ්ඩත්වය අනුමත කළ නොහැකි බව පවසා ඇත.
"මගේ සැබෑ ආධාරකරුවෙකුට දේශපාලන ප්රචණ්ඩත්වය අනුමත කළ නොහැකියි. මගේ සැබෑ ආධාරකරුවෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අපගේ ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු ධජයට අගෞරව කළ නොහැකියි. මගේ සැබෑ ආධාරකරුවෙකුට තම සෙසු ඇමරිකානුවන්ට තර්ජනය කිරීමට හෝ හිරිහැර කිරීමට නොහැකියි. ඔබ මේ කිසිවක් කරන්නේ නම්, ඔබ අපගේ ව්‍යාපාරයට සහාය නොදක්වයි. ඔබ එයට පහර දෙයි. ඔබ අපේ රටට පහර දෙයි. අපට එය ඉවසා සිටිය නොහැකියි," යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.