Jan 14, 2021

පසුගිය වසරේ පාරිභෝගික කටයුතු වැටලීම් 15,923ක්

2020 වසර තුළ වැටලීම් 15,923 ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ඒ අතරින් 14,906 ක් සඳහා නඩු පවරා අවසන් කර ඇති අතර එහිදී රුපියල් කෝටි 06 කට අධික මුදලක් දඩ ලෙස අධිකරණය මගින් නියම කර තිබේ.

එම වැටලීම් අතර සහල් වැටලීම් 3,880ක් සහ සීනි සම්බන්ධ වැටලීම් 651ක් සහ පරිප්පු සම්බන්ධ වැටලීම් 471ක් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top