Jan 14, 2021

ලංකාවට නව කොරෝනා ගෙනාවේ මොයින් අලි ලු

බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන විකෘති වූ නව කොවිඩ් වයිරස් ප්‍රභේදය ආසාදනය වූ බි‍්‍රතාන්‍ය ජාතිකයකු  මෙරටින් හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයා තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුද්ගලයකු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

එම පුද්ගලයා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලි බවට සෞඛ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කරුණු අනාවරණය වී තිබේ.

"අපි මේ රටට එන සියලු දෙනාම නියමිත ආරක්ෂක උපක්‍රමවලට අනුවයි රටට ඇතුළු කර ගන්නේ. ඒ නිසා අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා හරහා මෙම නව වයිරස් ප්‍රභේදය පැතිරීමට තිබෙන ඉඩකඩ අපි අහුරා තිබෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top