Jan 14, 2021

සංචාරකයින්ට මොබයිල් App එකක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් (Mobile App) හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

වීසා බලපත්‍ර ලබාගැනීමේදී මෙම යෙදුම හරහා රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සංචාරකයන්ට අනිවාර්ය කිරීමට අධිකාරිය තීරණය කර තිබේ.

ජනවාරි මස අවසානය වන විට දියත් කිරීමට නියමිත ”Sri Lanka Tourism” නමින් හැඳින්වෙන මෙම යෙදුමට රක්ෂණ යෝජනා ක්‍රමයට අමතරව පී.සී.ආර්. පරීක්ෂණ ගාස්තු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ තොරතුරුද ඇතුළත් වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top