Pasidol
Sathosa Ad Final Sinhala
Feb 27, 2017

රතනහිමි අලුත් සූත්‍රයක් ගොතයි

ජාතික මහා සභාවේ සම්මේලනය ලෙස හෙට (28) පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සම්මේලනයේ මූලික අරමුණ අවුලක් නැති හවුලක් සෑදීම බව වාර්තා වේ.

මේ සම්මේලනයට ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්වීමට නියමිතය.

ගෙවුණු දෙවසර තුළ බහුතර එජාපය හරහා රට පාලනය කරමින් මෛත්‍රීපාලනයෙන් පිට පැනීමේ අවුලෙන් හරිමඟට ගැනීම මේ සම්මෙලනයේ මුඛ්‍යාර්ථය බවද පැවසේ.

තිරසර යුගයට මඟ ලෙස මෙහිදී නව ප්‍රකාශයක්ද එළිදැක්වීමට නියමිත අතර එහි රට හදන ජාතික සැලැස්මක් සම්බන්ධ කතිකාව ඇතුළත්ව තිබේ.

අවුල් කළ ජාතික ප්‍රශ්නයට සැලැසුම් කළ වැඩ පිළිවෙලක් ද එහිදී එළිදක්වීමට නියමිත බව පැවසේ.

TNA හා ඒකාබද්ධයත්

ඉදිරි තෙවසරට ගැටුම් නැති පැතුම් ඇති සංහිඳියාවක් එක්කර ගැනීමේ අභිලාෂයෙන් මේ හවුල් වැඩ පිළිවෙළට දෙමළ ජාතික සංධානය හා ඒකාබද්ධ විපක්ෂය ද එක්කර ගැනීම රතන හිමිගේ සැලැසුම බවද මේ අතර විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top