Jan 15, 2021

ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප ලැබෙයි

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබේ.

ඇප කොන්දේසි ලෙස එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් බැගින් නියම කර ඇත.

විදෙස් ගමන් තහනමක්ද ඔවුන්ට පනවා ඇති අතර සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top