ටින්ටින් කාටූන් මාලාවේ ප්රධාන චරිතය වන ටින්ටින් හා ඔහුගේ කුඩා සුරතල් බල්ලා වන ස්නෝවි, දැවැන්ත මකරෙකුගේ රුවක් සහිත පසුබිමක, විශාල පොසිලේන් බඳුනක් තුළ සැඟවී සිටින අයුරු මෙම චිත්රයේ දැක්වේ.
එය, හර්ජේ ගේ පස්වැනි ටින්ටින් කතාව වන 'ටින්ට්න් ඇන්ඩ් ද බ්ලූ ලෝටස්' හි පිටකවරයට යොදාගැනීමට නියමිතව තිබුණද, එය ප්රතිනිර්මාණය කිරීමට වැය වන අධික පිරිවැය හේතුවෙන් මෙම චිත්රය පසුව ප්රතික්ෂේප විය.
කෙසේවෙතත්, එහි වඩාත් සරල අනුවාදයක් මෙම කෘතියේ කවරය ලෙස යොදාගෙන තිබුණි.
Artcurial නම් පැරිසියන් වෙන්දේසි මැදුර විසින් මෙම චිත්රය අලෙවි කිරීමට නම් කර තිබුණේ ගාස්තු රහිතව යුරෝ මිලියන 2.6කටය. එය යුරෝ මිලියන 2.2 - 2.8ක් අතර මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරුණි.
වසර 1936දී මුල් වරට ප්රකාශයට පත් කරන ලද 'ටින්ට්න් ඇන්ඩ් ද බ්ලූ ලෝටස්' කෘතිය, 1931දී සිදුවූ ජපන් ආක්රමණය අතරතුරදී චීනයට ගමන් කරන ටින්ටින් ගේ කතාපුවතයි.