අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වා මාස ගණනාවක් එහි ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටීමට සිදුවීමෙන් සිසු දරු දැරියන්ට උසස් පෙළට පෙනී සිටීමට පමාවීමත් උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු මාස ගණනාවක් බලා සිටින්නට සිදුවීමත් යන කරුණු මුල්කොට මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමටත් විභාගය පවත්වා මසක් ඇතුළත ප්‍රතිඵල ලබාදීමේ සැලැස්මක් ඇති කරන බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
උසස් පෙළ විභාගය 11 සහ 12 වසරේදී පවත්වා එහි ප්‍රතිඵලත් මසක් ඇතුළත ලබාදීමෙන් සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් තුළින් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමුවීමට හැකියාව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
2019 වසරේදී පාසල් සිසුන් තිස්දහස් හත්සිය අසූ තුන්දෙනකු නියමිත කාලයට පෙර පාසල් හැරගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ
පසුගිය වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.
ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න.
සබැඳි පුවත්