Jan 16, 2021

රන්ජන් හිරේ සිට සජිත්ගෙන් කළ ඉල්ලීම!

බරපතල වැඩ සහිතව සිවුවසරකට සිරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන කඳවුරේ සිට සිය හිතවතෙකු මාර්ගයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පණිවුඩයක් එවා ඇතැයි වාර්තා වේ.

එම පණිවුඩය මගින් ඔහු විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමා හිරෙන් නිදහස්වන තෙක් සිය කාර්යමණ්ඩලයට අසාධාරණයක් නොවන ලෙස ඔවුන්ව රැකබලා ගන්නා ලෙසයි.

මේ අතර, යම් හෙයකින් ඔවුන්ගේ වැටුප් ගෙවීමට අපහසුතාවක් ඇත්නම් හෝ නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට හැකියාවක් නොමැති නම් හිතවතුන් කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ගන්නා ලෙස ද රන්ජන් රාමනායක මිතුරෙකුගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top