Jan 16, 2021

ප්‍රසිද්ධ ටියුෂන් ගුරු මීගමුවේ ගයාන් සර් රිමාන්ඩ්! (ඡායා) Featured

කටාන නුගවෙල මංසංදියේදී යතුරුපැදිකරුවකු යටකර පලාගිය ප්‍රසිද්ධ අමතර පංති ගුරුවරයකු වන ගයාන් සම්පත් නැමැත්තා ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

ඒ සැකකරු පොලිසිය විසින් අල්ලාගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බව කටාන පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය වන අවස්ථාවේදී සැකකාර ගුරුවරයා බීමතින් සිටි බවද පොලිසිය කියා සිටියේය.

මෙසේ යතුරුපැදිකරු යටකර පලා යමින් සිටි ටියුෂන් ගුරුවරයා පසුව විදුලි කනුවක ගැටී මොටර් රථය නතරවී තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

සැකකරු මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාර අධ්‍යනය විශය ඉගැන්වීමේ ප්‍රමුඛයකු ලෙස සැලැකේ.

GayanSampath 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top