Jan 16, 2021

ජපන්, ඉන්දීය වාහන මෙරට දී හදන්න සාකච්ඡා - වාහන ආනයනකරුවෝ හාන්සියි Featured

වාහන ආනයනය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

මෙර වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

වාහන ආනයනය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා මෙරට වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක අවශ්‍යතාව පිළිබඳ ඔවුන්ට පෙන්වා දුන් බව කර්මාන්ත අමාත්‍යවරයා අවධාරණ කරයි.

ජපන්, ඉන්දියානු සහ කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා පවසයි.

මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වාහන ආනයන ව්‍යාපාර හාන්සියි වෙයි

මේ වන විට වන විට මෙරට මෝටර් රථ ආනයන ව්‍යාපාර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සඳහන් කරයි.

දැනටමත් වාහන විකුණන ආයතන වලින් සියයට 50කට වැඩි කොටසක් වැසී ගොස් ඇති බවද ඉතිරි ඒවාද වැසී යමින් පවතින පවතින බවද ඔවුන් මැසිවිලි නඟයි.

මෙරටේ ප්‍රමාණවත් වාහන මෙරට නැති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top