Jan 16, 2021

ආයතන 213ක් කොරෝනා නීති වලට පිටුපාලා

ආයතන 213ක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එම ආයතන වලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 1311ක් ඊයේ (15) වැනිදා පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී ආයතන 1098ක් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන අයුරු නිරීක්ෂණය වූ බවද ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top