එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් එකසිය තිස්තුන් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් සියලුදෙනා ඇඟලුම් කම්හල් සේවකයින් බවද පැවසේ.
ඇඟලුගළුම් කම්හලේ සේවය කළ තිදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂන වැළඳී තිබූ අතර ඒ බව පාලනාධිකාරිය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදී සේවකයින් තිදෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.
ඊට අමතරව ඇඟලුම් කම්හලේ සේවය කරන ආශ්‍රිතයින් එකසිය හතළිස් තුන් දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එහි ප්‍රතිඵල වලට අනුව තවත් ආසාදිතයින් දහදෙනකු හඳුනා ගත් බව පැවසේ.
ඒ අනුව සෙසු එකසිය තිස් තුන් දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද වෛද්‍ය ධනුක පත්මරාජ මහතා මාධ්‍යට පවසා තිබේ.