Jan 17, 2021

පාර්ලිමේන්තු සේවකයින් 4කට කොවිඩ් Featured

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම රෝගීන් සිවුදෙනා හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මොවුන් සිවුදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ කතානායක හා තවත් මන්ත්‍රීන් 14 දෙනෙකු ඇතුළු 463 දෙනෙකු පසුගිය සතියේදී PCR පරීක්ෂණ වලට යොමු කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top