Jan 17, 2021

දළදා මාලිගා පරිශ්‍ර පොලීසියේ 4කට කොවිඩ් ; 200ක් නිරෝධායනයට Featured

දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කරඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසා සිටියේ එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු පමණ වන සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවයි.

තවද, එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් 180 දෙනෙකු අනුයුක්ත කරඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top