Jan 18, 2021

වයස 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් 

අවුරුදු 18 ට වැඩි සෑම අයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.

ලොව ඇතැම් රටවල් මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top