ඊයේ උදෑසන සිදුවූ මෙම සිද්ධියෙන් ඔවුන් ගේ රියදුරුද තුවාල ලබා තිබේ.
කෙසේවෙතත්, මේ දක්වා කිසිඳු ත්‍රස්ත සංවිධානයක් මගින් මෙම ඝාතන වල වගකීම භාරගෙන නැත.
ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ වෙනත් දේශපාලන පුද්ගලයින් ඉලක්ක කර ගත් ඝාතන මාලාවක අලුත්ම ඝාතනය මෙයයි.
මෙම ඝාතන වාර්තා වන්නේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා ඛණ්ඩ ඉවත්කර ගැනීමට ට්‍රම්ප් දිගටම කටයුතු කරගෙන යන පසුබිමකදීය.
බීබීසී ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන උප සභාපතිවරයා පවසා ඇත්තේ මෙලෙස ඇමෙරිකානු හමුදා ඛණ්ඩ හදිසියේ ඉවත්කරගැනීම, අස්ථාවරව පවතින රට තුළ ප්රචණ්ඩත්වය වැඩිවීමේ අවදානම තව වැඩිවන බවයි.