Jan 18, 2021

එංගලන්තයට කඩුලු 7ක ජයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 76ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට තරඟයේ 5වැනි දින අද (18) සමත් විණි.

තරගයේ වීරයා ලෙස එංගලන්ත නායක ජෝ රූට් සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා පළමු ඉනිම 135/10

එංගලන්ත පළමු ඉනිම 421/10

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 359/10

එංගලන්ත දෙවැනි ඉනිම 76/3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top